- Get link
- Other Apps
- Get link
- Other Apps
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් ඇති නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
ඔහු ඉන්දීය ජාතිකයෙකි.
ඊයේ මෙම නෞකාවේ ගින්න දෙවන වතාවට උත්සන්න වූ අවස්ථාවේ එහි කාර්යමණ්ඩලය 25 ක් මුදා ගනු ලැබිණි.
එහිදී දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලදී
අදාල නාවිකයා කොවිඩ් ආසාදිත බව හෙලිවී ඇත්තේ ඒ අවස්ථාවේදී යි.
සෙසු පිරිස සම්බන්ධයෙන් ද සමීපව නිරීක්ෂණ කටයුතු කෙරෙන අතර ඔවුන් කොවිඩ් ආසාදිත දැයි සෙවීමට පියවර ගනිමින් ඇත
Comments
Post a Comment