කොරෝනා වසංගතයෙන් ගැලවීමට උඩුගුවනේදී සිදුකල විවාහය.


ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ලොක්ඩවුන් සීමාවන් මඟහැර සිය විවාහ උත්සවය පැවැත්වූ යුවලක් පිළිබඳව අපූරු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ කොරෝනා හේතුවෙන් දැඩිව බැටකමින් සිටින තමිල්නාඩු ප්‍රාන්තයෙන්.


රටතුල පවතින ලොක්ඩවුන් සීමාවන් හේතුවෙන් ඉන්දියාවේ පවත්වන විවාහ උත්සවයකට සහභාගීවිය හැකි උපරිම අමුත්‍තන් ගණන 50 කට සීමා කර තිබෙනවා. එඓහෙත් පුද්ගලයෙකු එම නීතිය මග හැරීමේ අරමුණින් පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කුලියට ගෙන උඩු ගුවනේදී සිය උත්සවය පවත්වා තිබෙනවා. එම අවස්ථාවට එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි එම යුවළගේ ඥාතීන් හිතවතුන් ඇතුළු 160 කට වැඩි මගීන් පිරිසක් සහභාගී වී තිබෙනවා. 


ගුවන් යානය අයත් ස්පයිස් ජෙට් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන්කර සිටියේ යම් පුද්ගලයෙකු සංචාරක සමාගමක් හරහා මදුරෙයි සිට බැංගලෝර් දක්වා ගුවන් යානයක් වෙන්කරගත් නමුත් එහි විවාහ උත්සවයක් පවත්වන බව කිසි විටකත් සමාගම දැනුවත් නොකල බවයි. කෙසේ වෙතත් මේ වන විට එම ගුවන් යානයේ ඒ වන විට සේවය කල කාර්‍ය් මණ්ඩලය වැඩ තහනමකට ලක්කර ඇති අතර ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය මගින් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. 


නිළ සංඛ්‍යා ලේඛන වලට අනුව ඉන්දියාවේ මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර සැබෑ මරණ සංඛ්‍යාව ඊට වඩා ඉතා විශාල බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. එරට ආදාහනාගාර වල පැය 24 පුරාම දේහයන් ආදාහනය කරන අතර ආදාහනය සඳහා පිරිවැයක් දැරීමට නොහැකි පුද්ගලයන් සිට ඥාතීන්ගේ දේහයන් ගං ඉවුරු අසල නීති විරෝධිව වල දමා හෝ ගංගා වලට අතහැර දමන අයුරු ඉන්දියාවේ සුළභ දසුනක් වී තිබෙනවා.


බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට මම

Copyrights: තිලාන් ජයසේකර


(තව කෙනෙකුට බලන්න මේ ලිපිය ශෙයා කරන්න. ලොව පුරා පුවත් සිංහලෙන් කියවන්න Thilan Jayasekara Facebook පිටුව ලයික් කරන්න. ලස්සන වීඩියෝ බලන්න පහළ ලින්ක් එකෙන් මගේ YouTube චැනල් එක Subscribe කරන්න https://youtube.com/c/ThilanJayasekara )

Comments